Monday, August 10, 2020

ආදරයට ඉඩක්

 තලෙනවාට බොහොම ලෝබ

බොහොම සියුම් හිතක් 

බලාගන්නේ මම කොහොමද 

මේක නරා වලක් .......


බින්දෙනවාට බොහොම ලෝබ

බොහොම වටින පෙමක් 

බලාගන්නේ කොහොමද මම 

මේක මිරිඟු දියක් .......


හඬනවාට බොහොම ලෝබ

බොහොම පුංචි ඇහැක්

බලාගන්නේ මම කොහොමද 

මේක අඳුරු රැයක් .......

කවි

දුක්බර කරුණු ඇසුවොත් නැත            නිමාව
දුකට හේතු හෙව්වොත් වෙත               නිමාව 
දුකට සැපකි පබැදුම කවි                      ලතාව
දුකට ලියන කවි මේ නොම                  පමාව

ප. ළි

මක් වෙනවද පිලිගත්තම හිතේ                දුක 
මදිකමක්ද කවි ලීවම මකා                       දුක
මට හිතෙන්නෙ කවි දිනුමකි මැකූ            දුක
මගේ කවිය මේ මම මගේ ගෙතූ              දුක